YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 3:1-5

ධර්මදේශකයා 3:1-5 SROV

සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය; මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය; අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය; ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය