2 1 වංශාවලිය 24
24
යෝවාෂ් රජු යටතේ දේව ගෘහය ප්‍රකෘතිමත් කිරීම
1යෝවාෂ් සත් අවුරුදු වයසේ රජවී යෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශීබියාය, ඈ බෙයෙර්-ෂෙබාහි ස්ත්‍රියෙක්ය. 2යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. 3යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය. 4ඉන්පසු යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ගෘහය ප්‍රකෘතිමත්කරන්ට සිතට ගෙන, 5පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කරගෙන ඔවුන්ට කියනුයේ: නුඹලා යූදාහි නුවරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතුකරන්න, ඒ කාරණය ගැන ඉක්මන්වෙන්නැයි කීවේය. නුමුත් ලෙවීවරු ඉක්මන් නොවූහ. 6එවිට රජ තෙමේ ප්‍රධානියාවූ යෙහෝයාදා කැඳවා: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්රායෙල් සභාවද විසින් සාක්ෂි-කූඩාරම උදෙසා නියමකළ සුංගම් මිල ලෙවීවරුන් විසින් යූදා සහ යෙරුසලමෙන් එකතුකර ගෙනෙන හැටියට නුඹ බලානොගත්තේ මක්නිසාදැයි ඇසුවේය. 7මක්නිසාද දුෂ්ටවූ අතලියා සහ ඇගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගෘහය කඩා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැපවූ සියලු දේවල් බාල් දේවතාවුන් උදෙසා පාවිච්චියට ගත්තෝය. 8තවද පෙට්ටියක් සාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණකෙළේය. 9එවිට දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් කාන්තාරයේදී ඉශ්රායෙල්ට නියමකළ සුංගම ස්වාමීන්වහන්සේ උදෙසා ගෙනෙන්ට කියා යූදාහි සහ යෙරුසලමෙහි ප්‍රසිද්ධියක් කරනලද්දේය. 10එවිට සියලු අධිපතීහුද මුළු සෙනඟද සන්තෝෂව, තීන්දුවෙන තුරු මුදල් ගෙනැවිත් පෙට්ටියේ දැම්මෝය. 11මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ ගබඩාවට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම්ද උත්තම පූජකයාගේ සේවකයාද ඇවිත් පෙට්ටිය හිස්කර, ඒක නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබුවෝය. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මිල එකතුකළෝය. 12රජු සහ යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහ මෙහෙයේ කටයුතු කරවන්නන්ට ඒවා දුන්නෝය; ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන්ද වඩුවන්ද ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමට යකඩ සහ පිත්තල වැඩ කරන්නන්ද කුලියට ගත්තෝය. 13කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය. 14වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.
යෝවාෂ්ගේ වැටීයාම සහ මරණය
15නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය. 16ඔහු ඉශ්‍රායෙල්හිද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෘහය උදෙසාද යහපතකළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත්කරනු ලැබීය. 17යෙහෝයාදා මැරුණු පසු යූදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය. 18ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යූදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය. 19නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. 20දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය. 21ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය. 22මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය. 23ඊළඟ අවුරුද්දෙහි සිරියවරුන්ගේ සේනාව ඔහුට විරුද්ධව ආවෝය. ඔව්හු යූදාටත් යෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකරදමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට ඇරියෝය. 24සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නමුත්, යූදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය. 25ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය. 26ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකළ අය නම්: අම්මොනිය ස්ත්‍රියෙක් වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ සාබාත් සහ මෝවබිය ස්ත්‍රියෙක් වන ෂිම්රීත්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ය. 27ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.
Currently Selected:
2 1 වංශාවලිය 24: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: