1 සාමුවෙල් 21
21
දාවිත් අහිමෙලෙක් සහ ආඛීෂ් වෙතට පලායාම
1එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු නුඹ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය. 2දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට–මා විසින් නුඹ යවන්නාවූ නුඹට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ. 3දැන් නුඹේ අතයට තිබෙන්නේ මොනවාද? මා අතට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුනමැනවැයි පූජකවූ අහිමෙලෙක්ට කීවේය. 4පූජකයා දාවිත්ට උත්තරදෙමින්: ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත; සේවකයෝ ස්ත්‍රීන්ගෙන් වැලකී සිටියෝනම් දෙන්ට පුළුවනැයි කීවේය. 5දාවිත් පූජකයාට උත්තරදෙමින්: සැබෑවටම දැන් තුන්දවසක් පමණ ස්ත්‍රියෝ අපෙන් වෙන්ව සිටියාහුය; මේක සාමාන්‍ය ගමනක් වුණේවී නුමුත් මා පිටත්වෙන කොට සේවකයන්ගේ භාජන ශුද්ධව තිබුණේය; කොපමණ වැඩියෙන් අද ඒවා ශුද්ධව නොතිබේදැයි ඔහුට කීවේය. 6එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය. 7තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය. 8දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි නුඹ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය. 9පූජකතෙමේ: නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.
10දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය. 11ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද?
සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි
කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය. 12දාවිත් ඒ වචන සිතටගෙන ගාත්හි රජවූ ආඛීෂ්ට බොහෝසෙයින් භයවුණේය. 13ඔවුන් ඉදිරියේදී ඔහු තමාගේ හැසිරීම වෙනස්කොට, පිස්සු වැටුණාක් මෙන් ඔවුන් ළඟදී හඟවමින්, වාසල්දොර පහුරුගෑවේය, තමාගේ කෙළ රැවුල පිට වැටෙන්ටත් ඇරියේය. 14එවිට ආඛීෂ් තමාගේ සේවකයන්ට කථාකොට: මෙන්න, මේ මනුෂ්‍යයා පිස්සෙක් බව නුඹලාට පෙනේ. නුඹලා ඔහු මා ළඟට ගෙනාවේ මක්නිසාද? 15මා ඉදිරියෙහි පිස්සු විකාරකරන්ට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසාද? මොහු මාගේ ගෙට එන්ට යුතුදැයි කීවේය.
Currently Selected:
1 සාමුවෙල් 21: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society