1
එළිදරවු 17:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වසනීයයන් යැ” යි පැවසී ය.
Compare
Explore එළිදරවු 17:14
2
එළිදරවු 17:1
පාත්ර හත ඇති ව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.
Explore එළිදරවු 17:1
3
එළිදරවු 17:8
ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.
Explore එළිදරවු 17:8
4
එළිදරවු 17:5
ඇගේ නළලේ අබිරහස් නාමයක් ලියා තිබිණි. මහා බබිලෝනිය ය; පොළොවේ වේශ්යාවන්ගේ හා පිළිකුල්කම්වල මව ය.
Explore එළිදරවු 17:5
Home
Bible
Plans
Videos