1
ගීතාවලිය 91:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය; මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.”
Compare
Explore ගීතාවලිය 91:2
2
ගීතාවලිය 91:1
මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා, සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය.
Explore ගීතාවලිය 91:1
3
ගීතාවලිය 91:15
ඔහු මා අමතන කල, මම ඔහුට උත්තර දෙන්නෙමි; කරදර විපත්හි දී මම ඔහු සමඟ සිටින්නෙමි; මම ඔහු මුදා ගෙන, ඔහු ගෞරවයට පමුණුවමි.
Explore ගීතාවලිය 91:15
4
ගීතාවලිය 91:11
මන්ද ඔබගේ හැම මාර්ගයක ම ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක.
Explore ගීතාවලිය 91:11
5
ගීතාවලිය 91:4
උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය.
Explore ගීතාවලිය 91:4
6
ගීතාවලිය 91:9-10
මගේ රැකවරණය වූ ස්වාමින්වහන්සේ, එනම්, මහෝත්තමයාණන්, ඔබගේ වාසස්ථානය කර ගන්නේ නම්, කිසි උපද්‍රවයක් ඔබ පිට නො පැමිණෙනු ඇත, කිසි විපත්තියක් ඔබේ කූඩාරමට ළං නො වනු ඇත.
Explore ගීතාවලිය 91:9-10
7
ගීතාවලිය 91:3
සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක.
Explore ගීතාවලිය 91:3
8
ගීතාවලිය 91:7
ඔබ පසෙක දහසක් දෙනකු වැටී ගියත්, ඔබේ දකුණු පස දස දහසක් වැටී ගියත්, කිසි අනතුරක් ඔබට ළං නො වේ.
Explore ගීතාවලිය 91:7
9
ගීතාවලිය 91:5-6
රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත. අඳුරේ සිට පහර දෙන වසංගතයට හෝ මද්දහනේ විනාශකාරී උපද්‍රවයට හෝ ඔබ බය නො වේ.
Explore ගීතාවලිය 91:5-6
Home
Bible
Plans
Videos