1
ගණන් 22:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ස්වාමින්වහන්සේ බූරුදෙනට කතා කරන්නට සැලැස් වූයෙන්, බාලාම් ඇමතූ ඌ, “මේ තුන් වතාවේ ම මට තලන්නට මා ඔබට කුමක් ද කළේ?” යි ඇසී ය.
Compare
Explore ගණන් 22:28
2
ගණන් 22:31
එවිට ස්වාමින්වහන්සේ බාලාම්ගේ ඇස් විවර කළෙන්, ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුව ද අතැතිව, මාර්ගයේ සිටිනු ඔහු දැක්කේ ය. එවිට බාලාම් පහතට හිස නවා, මුණින් තලා වැටුණේ ය.
Explore ගණන් 22:31
3
ගණන් 22:32
ස්වාමින්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මේ තුන් වතාවේ ම නුඹ, නුඹේ බූරුදෙනට පහර දුන්නේ මන්ද? නුඹට එරෙහි වන්නට මා මෙහි ආවේ නුඹේ ගමන් මග මා ඉදිරියේ නො සැලකිලිමත් ව ඇති නිසයි.
Explore ගණන් 22:32
4
ගණන් 22:30
බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය. “නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
Explore ගණන් 22:30
5
ගණන් 22:29
“නුඹ මා විහිළුවකට බාර ගත් නිසයි! මා අත කඩුවක් තිබුණා නම් මෙලහකටත් මා නුඹ මරා දමලා” යි බාලාම් බූරුදෙනට පැවසී ය.
Explore ගණන් 22:29
6
ගණන් 22:27
මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය.
Explore ගණන් 22:27
Home
Bible
Plans
Videos