1
නෙහෙමි 8:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු ඔහු ඔවුන්ට කතා කොට, “යන්න, රස බොජුන් අනුභව කරන්න. මිහිරි බීම බොන්න. කිසිවක් සූදානම් කර ගන්නට නො හැකි වූ අයට එයින් කොටස් යවන්න. අද දවස අපගේ ස්වාමින්ට ශුද්ධ ය; ශෝක නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීම ඔබේ ශක්තිය යැ” යි පැවසී ය.
Compare
Explore නෙහෙමි 8:10
2
නෙහෙමි 8:9
ඉන්පසු ආණ්ඩුකාර නෙහෙමියා ද පූජකයා හා ධර්මාචාර්ය එස්රා ද ජනයාට ඉගැන් වූ ලෙවීවරුන් ද මුළු මහත් ජනයා අමතා, “අද දවස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ දවසක් බැවින් වැලපෙන්නටවත්, අඬන්නටවත් එපා යැ” යි පැවසූහ. මන්ද මුළු ජනතාව ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල හඬා වැටුණහ.
Explore නෙහෙමි 8:9
3
නෙහෙමි 8:6
ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එස්රා ප්‍රශංසා කළේ ය; මුළු ජනතාව තම අත් ඉහළට ඔසවමින්, “ආමෙන්! ආමෙන්!” කියා ප්‍රතිචාර දැක්වූහ. ඉන්පසු ඔවුහු බිමට නැමී, තම මුහුණු බිම ඔබා, ස්වාමින්වහන්සේට නමස්කාර කළහ.
Explore නෙහෙමි 8:6
Home
Bible
Plans
Videos