1
ලෙවී 19:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘පළිගැනීමෙන් වළකින්න. එකිනෙකාට එරෙහිව වෛරයක් තබා නො ගන්න. ඔබට සේ ම ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
Compare
Explore ලෙවී 19:18
2
ලෙවී 19:28
“ ‘මරණයකදී ශෝක වීමට ඔබේ සිරුර කපා ගැනීම හෝ ඔබේ හමෙහි පච්ච කෙටීම හෝ නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
Explore ලෙවී 19:28
3
ලෙවී 19:2
“සමස්ත ඉශ්රායෙල් ජන සමාජයට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින් ඔබත් ශුද්ධ ව සිටින්න.
Explore ලෙවී 19:2
4
ලෙවී 19:17
“ ‘ඔබේ සහෝදරයා ගැන වෛරයක් ඔබේ සිතේ තබා නො ගන්න. ඔබේ අසල්වැසියාට ඔහුගේ වරද ගැන සෘජු ව කතා කරන්න. එවිට වරදට ඔබ හවුල් නො වේ.
Explore ලෙවී 19:17
5
ලෙවී 19:31
“ ‘පේන කියන්නන් වෙත නො හැරෙන්න; ආත්ම බන්ධනකරුවන් සොයා නො යන්න. ඒවායින් සිදු වන්නේ ඔබ අපවිත්රවීම ය. මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
Explore ලෙවී 19:31
6
ලෙවී 19:16
“ ‘ඔබේ ජනයා අතරේ තැන තැන අපහාස කතා නො පතුරවන්න. “ ‘ඔබේ අසල්වැසියාගෙන් ජීවිතය උපද්‍රවයට පත් විය හැකි කිසිවක් නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
Explore ලෙවී 19:16
Home
Bible
Plans
Videos