පාරාවෝ, ගාසා පුරයට ගසා හෙළීමට පෙර, පිලිස්තිවරුන් පිළිබඳව දිවැසිවර යෙරමියා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනයයි:
ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“මෙන්න, උතුරේ සිට ජලය නැගෙයි.
එය උතුරා යන ජල ප්රවාහයක් බවට පත් වෙයි.
එය දේශයට ඉහළින් ද එහි ඇති සියල්ල වන
පුරවරය හා ඒවායේ වෙසෙන්නන්ට ඉහළින් ද ගලා යයි.
ජනයා කෑ මොර දෙන්නෝ ය.
දේශයේ වෙසෙන සියල්ලෝ විලාප නගන්නෝ ය.