මම නැවත නැවතත් මගේ සියලු සේවකයින් වන දිවැසිවරුන් නුඹලා වෙත එවීමි. ඔවුහු කතා කොට, “නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරී, නුඹලාගේ ක්රියා පිළිවෙත් හරිගස්සාගනු. වෙනත් දෙවිවරුනට සේවය කරන පිණිස ඔවුන් පසු පස නො යනු. එවිට, ඔබටත්, ඔබේ පියවරුන්ටත් මා දුන් දේශයෙහි ඔබ ජීවත් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් නුඹලා ඒ ගැන තැකුවේ නැත. මට සවන් දුන්නේ නැත.