1
යෙරමියා 11:3-4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේකැයි ඔවුන්ට කියන්න: ‘මෙම ගිවිසුමේ වචනවලට සවන් නො දෙන මිනිසා ශාප ලද්දෙකි. ඒ වචන යකඩ උදුනක් වැනි ඊජිප්තු දේශයෙන් පිටතට මා නුඹලාගේ පියවරුන් ගෙන ආ කල, මා ඔවුන්ට අණ කළ ඒවා ය.’ එනම් ‘මගේ කටහඬට සවන් දී, මා ඔබට අණ කළ හැම දේ කරන්න. එවිට නුඹලා මගේ ජනයා වනු ඇත. මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
Compare
Explore යෙරමියා 11:3-4
2
යෙරමියා 11:20
එහෙත්, අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන, හදත්, සිතත් විමසන ඔබවහන්සේ, ඔවුන්ගෙන් පළිය ගන්නවා මට දකින්නට ලැබේවා. මන්ද මම, මගේ නඩුව ඔබ ඉදිරියේ තැබීමි.
Explore යෙරමියා 11:20
3
යෙරමියා 11:8
එහෙත්, ඔවුන් සවන් දුන්නේ නැත. අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් හැම කෙනෙක් ම තම දුෂ්ට හදවත්හි මුරණ්ඩු ස්වභාවය අනුව ගියහ. එබැවින්, මා ඔවුනට කරන්නට අණ කළ, එහෙත් ඔවුන් ඉටු නො කළ මේ ගිවිසුමට අදාළ සියලු ශාප මම ඔවුන් පිටට පැමිණ වීමි.’ ”
Explore යෙරමියා 11:8
Home
Bible
Plans
Videos