1
යෙසායා 9:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද අපට දරුවෙක් උපන්නේ ය. අපට පුතෙක් දෙන ලද්දේ ය. ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ: අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය; සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි.
Compare
Explore යෙසායා 9:6
2
යෙසායා 9:2
අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ.
Explore යෙසායා 9:2
3
යෙසායා 9:7
උන්වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයට හා සාමයට නිමක් නො වන්නේ ය. යුක්තිය හා දමිටුකමින් ස්වකීය රාජ්‍ය පිහිටුවමින් ද එය තහවුරු කරමින් ද එතැන් පටන් සදහටමත් දාවිත්ගේ සිහසුනේ උන්වහන්සේ රජකම් කරන සේක. මෙය ඉටුකරලනු ඇත්තේ, සේනාංකවල ස්වාමින්වහන්සේගේ දැල්වෙන උද්යෝගයයි.
Explore යෙසායා 9:7
4
යෙසායා 9:5
රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ.
Explore යෙසායා 9:5
5
යෙසායා 9:1
එසේ වුව ද සන්තාපයෙහි සිටියවුනට තවදුරටත් දුකඳුරක් නො වනු ඇත. ඉහතදී උන්වහන්සේ සාබුලොන් දේශය හා නෆ්තලී දේශය අවඥාවට ලක් කළ නමුදු, යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ ජාතීන්ගේ ගලීලය අනාගතයේදී මහිමයට පමුණුවනු ඇත.
Explore යෙසායා 9:1
6
යෙසායා 9:3
ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.
Explore යෙසායා 9:3
7
යෙසායා 9:4
මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන් ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද ඔවුන්ගේ කර මත වූ වියකඳ ද ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද සිඳ-බිඳ ලූ සේක.
Explore යෙසායා 9:4
Home
Bible
Plans
Videos