1
යෙසායා 49:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
“තම කිරි-දරුවා අමතක කරන්නට ස්ත්‍රියකට හැකි ද? තම කුස ඔත් දරුවාට අනුකම්පා නො කර ඉන්නට ඇයට පුළුවන් ද? මොවුන් අමතක කළා වුව ද, මා නුඹලා අමතක කරන්නේ නැත.
Compare
Explore යෙසායා 49:15
2
යෙසායා 49:16
මෙන්න, මගේ අතේ අත්ලෙහි, මම ඔබ කොටා ගතිමි. ඔබේ පවුරු හැම කල්හි මා අබියස ය.
Explore යෙසායා 49:16
3
යෙසායා 49:25
එහෙත් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “සැබවින් ම, බලවන්තයින් වෙතින් සිරකරුවන් මුදා ගනු ලැබේ. කෲර පාලකයින් වෙතින් කොල්ලය ආපසු ගනු ලැබේ. මන්ද ඔබට විරුද්ධ වන අයට මම විරුද්ධ වෙමි. ඔබේ දරුවන් මම ගලවන්නෙමි.
Explore යෙසායා 49:25
4
යෙසායා 49:6
උන්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්, මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්, මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි. පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.”
Explore යෙසායා 49:6
5
යෙසායා 49:13
සතුටින් ගී ගයන්න එම්බා ස්වර්ගයෙනි, එම්බා පොළොව, ප්‍රීති ප්‍රමෝද වන්න. එම්බා කඳු, ගී ගැයුම් පටන් ගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයාට සැනසිල්ල සලසන සේක. පීඩා ලද තම ජනයාට අනුකම්පා කරන සේක.
Explore යෙසායා 49:13
Home
Bible
Plans
Videos