1
යෙසායා 30:21
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ දකුණට හැරුණ විටත්, වමට හැරුණ විටත්, “මේකයි මාර්ගය, එහි ගමන් ගන්නැ” යි කියන කටහඬක් ඔබට පිටුපසින් ඔබේ සවනට ඇසෙනු ඇත.
Compare
Explore යෙසායා 30:21
2
යෙසායා 30:18
එසේ ද වුව, ඔබට දයාන්විත වීමට ස්වාමින්වහන්සේ බලා සිටින සේක්, ඔබට අනුකම්පා දක්වන්නට උන්වහන්සේ නැගී සිටින සේක. මන්ද ස්වාමින්වහන්සේ, යුක්තියේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ගැන බලා හිඳින සියල්ලෝ භාග්‍යවත්හු ය.
Explore යෙසායා 30:18
3
යෙසායා 30:15
ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුතැවිලි වීමෙන් හා විවේකී ව සිටීමෙන් ඔබ ගලවනු ලැබේ; සන්සුන් ව හා විශ්වාසී ව සිටීම, ඔබගේ ශක්තියයි. එහෙත් ඔබ කැමති වූයේ නැත.
Explore යෙසායා 30:15
4
යෙසායා 30:20
ස්වාමින් ඔබට විපත්තියේ ආහාරත්, සංතාපයේ ජලයත් දෙන නමුදු, නුඹේ ගුරුවරයාණන් තවදුරටත් සැඟවී සිටින්නේ නැත. ඔබේ ම ඇස්වලින් ඔබේ ගුරුවරයාණන් ඔබ දකිනු ඇත.
Explore යෙසායා 30:20
5
යෙසායා 30:19
එම්බා යෙරුසලම් වැසි සියොනෙහි ජනයිනි, නුඹලා තවත් වැලපෙන්නේ නැත. නුඹලා උපකාර ඉල්ලා මොර ගසන කල, උන්වහන්සේ කොතරම් දයාබරිත ද! උන්වහන්සේට ඇසුණු විගස, උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත.
Explore යෙසායා 30:19
6
යෙසායා 30:1
“ඔවුහු සැලසුම් ඉටුකරගෙන යති. එහෙත් එය මගේ නො වේ. ඔවුහු සන්ධානයක් ඇතිකර ගනිති. එහෙත් මගේ ආත්මයාණන්ගෙන් නො වෙයි. පාප පිට පාප ගොඩ ගසා ගන්නා, අහෝ හිතුවක්කාර දරුවනි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
Explore යෙසායා 30:1
Home
Bible
Plans
Videos