ඒ එසේ වූවත්, එම්බා සෙරුබ්බාබෙල්, දැන් ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ‘එම්බා යෝෂුවා, යෙහෝසාදාක්ගේ පුත්ර, උත්තම පූජකය, ධෛර්යවත් වන්න. දේශ වාසී සියලු ජනයිනි, ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. ‘වැඩට බහින්න; මම, ඔබ සමඟ සිටිමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.