1
උත්පත්ති 3:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය.
Compare
Explore උත්පත්ති 3:6
2
උත්පත්ති 3:1
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය.
Explore උත්පත්ති 3:1
3
උත්පත්ති 3:15
තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.”
Explore උත්පත්ති 3:15
4
උත්පත්ති 3:16
උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක.
Explore උත්පත්ති 3:16
5
උත්පත්ති 3:19
නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින් භූමියට ම නුඹ හැරී යන තෙක්, නුඹේ ම දහඩිය මහන්සියෙන් නුඹේ අහර, නුඹ බුදිනු ඇත. මන්ද නුඹ දූවිල්ල ය; දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක.
Explore උත්පත්ති 3:19
6
උත්පත්ති 3:17
උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්, “නුඹ නිසා භූමිය ශාප ලබයි; දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව, නුඹ එයින් අහර සපයා ගනියි.
Explore උත්පත්ති 3:17
7
උත්පත්ති 3:11
එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක.
Explore උත්පත්ති 3:11
8
උත්පත්ති 3:24
එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.
Explore උත්පත්ති 3:24
9
උත්පත්ති 3:20
මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය.
Explore උත්පත්ති 3:20
Home
Bible
Plans
Videos