1
උත්පත්ති 2:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින්, මනුෂ්‍යයෙක් තම පියා ද මව ද අතහැර තම භාර්යාවට බැඳෙන්නේ ය. මෙසේ ඔවුහු එක ම මාංසයක් වෙති.
Compare
Explore උත්පත්ති 2:24
2
උත්පත්ති 2:18
ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක.
Explore උත්පත්ති 2:18
3
උත්පත්ති 2:7
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය.
Explore උත්පත්ති 2:7
4
උත්පත්ති 2:23
එවිට මනුෂ්‍යයා, “මේ නම් මගේ ඇටවලින් වූ ඇට ය. මගේ ම මසින් වූ මස ය. මනුෂ්‍යයා වෙතින් ගන්නා ලද නිසා මැය ‘ස්ත්‍රී’ නමින් හැඳින් වේ යැ” යි පැවසී ය.
Explore උත්පත්ති 2:23
5
උත්පත්ති 2:3
මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක.
Explore උත්පත්ති 2:3
6
උත්පත්ති 2:25
මනුෂ්‍යයා ද ඔහුගේ භාර්යාව ද සිටියේ නග්න ව නමුදු, ඔවුන්ට ලජ්ජාවක් හැඟුණේ නැත.
Explore උත්පත්ති 2:25
Home
Bible
Plans
Videos