“පර්සියාවේ රජු වූ කෝරෙෂ් මෙසේ පවසයි:
“ ‘ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිහි පිට සියලු රාජ්‍යයන් මට පවරා දී, යූදාහි යෙරුසලමේ උන්වහන්සේට ගෘහයක් තනන්නට මට නියම කර තිබේ. උන්වහන්සේගේ ජනයාගෙන් යම් කෙනෙක් ඔබ අතරේ වේ ද, ඔහුගේ දෙවියන්වහන්සේ ඔහු සමඟ වේවා! ඔහු යූදාහි යෙරුසලම වෙත ගොස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නගත්වා! යෙරුසලමේ වැඩ සිටින දෙවියන්වහන්සේ උන්වහන්සේ ම ය.