ඒ අතර ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, එය පිහිටා තිබූ කෙරුබ්වරුන් වෙතින් ඉහළ නැගී, ගෘහ දොරකඩ වෙතට මෑත් විය. එවිට හණ පිළි හැඳි, ලිවීමේ උපකරණ ඉඟ බැඳි මිනිසාට ස්වාමින්වහන්සේ කතා කරමින්, “යෙරුසලම් පුරය මුළුල්ලේ ඇවිද, එහිදී සිදු කෙරෙන සියලු පිළිකුල්කම් ගැන තැවෙන, වැලපෙන අයගේ නළල්හි සලකුණක් තබන්නැ” යි කී සේක.