1
එසකියෙල් 18:32
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද කිසිවකුගේ මරණය ගැන මම සතුටු නො වෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. එබැවින් පසුතැවිලි වී, ජීවත් වන්න!
Compare
Explore එසකියෙල් 18:32
2
එසකියෙල් 18:20
පව් කරන ජීවය මියෙන්නේ ය. පියාගේ අයුතුකමට පුතාට දඬුවම් නො දේ. පුතාගේ අයුතුකමට පියාට දඬුවම් නො දේ. දමිටු මිනිසාට, ඔහුගේ දමිටුකම අනුව ඉටු විපාක දෙනු ලැබේ; දුෂ්ට මිනිසාට, දුෂ්ටකමට අනුව අනිටු විපාක දෙනු ලැබේ.
Explore එසකියෙල් 18:20
3
එසකියෙල් 18:31
නුඹලා කළ පාප අපරාධ සියල්ල පහ කර දමා, අලුත් හදවතක් හා අලුත් ආත්මයක් ලබා ගන්න. එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලා මැරී යන්නේ කුමට ද?
Explore එසකියෙල් 18:31
4
එසකියෙල් 18:23
දුෂ්ටයින්ගේ මරණයේදී මම සතුටුවන්නෙම් දැ? යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. එසේ නො ව, ඔවුන් තමන්ගේ මාර්ගවලින් ඉවත හැරී, ජීවත් වන කල මම සතුටු නො වෙම් ද?
Explore එසකියෙල් 18:23
5
එසකියෙල් 18:21
“එහෙත් දුෂ්ට කෙනකු තමන් කළ සියලු පව්වලින් ඉවත හැරී, මගේ නියමයන් සියල්ල රක්ෂා කරන්නේ නම් හා යුක්තියත් සාධාරණයත් කරන්නේ නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත.
Explore එසකියෙල් 18:21
6
එසකියෙල් 18:9
ඔහු මගේ නියෝග පිළිපදියි. මගේ නියමයන්, විශ්වාසවන්ත ව පවත්වයි. ඔහු ධර්මිෂ්ඨයෙකි. සැබවින් ම ඔහු ජීවත් වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore එසකියෙල් 18:9
Home
Bible
Plans
Videos