“ ‘නුඹලා උදෙසා සාක්ෂි වශයෙන් හාස්කමක් දක්වන්නැ’ යි පාරාවෝ කී කල්හි, ‘ඔබේ සැරයටිය ගෙන, පාරාවෝ ඉදිරියෙහි බිම හෙළන්නැ’ යි ආරොන්ට කියන්න. එවිට එය සර්පයකු වනු ඇතැ” යි කී සේක.
එබැවින් පාරාවෝ වෙත ගිය, මෝසෙස් හා ආරොන්, ස්වාමින්වහන්සේ ඔවුන්ට අණ කර තිබූ පරිදි ම කළෝ ය. ආරොන් තමාගේ සැරයටිය පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරියේ බිම හෙළී ය. එවිට එය සර්පයකු බවට පත් විය.