මෝසෙස් තම අත් ඔසවාගෙන සිටි තාක්, ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහත හෙළූ කල, අමලෙක්ට ජය අත් විය. මෝසෙස්ගේ අත් විඩාබර විය. එවිට ඔවුහු ගලක් ගෙන, ඔහුට පිටුපසින් තැබූහ. ඔහු ඒ මත වාඩි විය. ආරොන් සහ හූර් එකකු එක් පසෙකින් ද අනෙකා අනෙක් පසින් ද සිට, ඔහුගේ අත් ඔසවා තබා ගත්හ. මෙසේ හිරු බස්නා තෙක් ම ඔහුගේ අත් ස්ථාවර ව පැවතිණ.