“එම රැයේදී ම මම ඊජිප්තුව ඔස්සේ ගමන් ගන්නෙමි. මම, මිනිසුන්ගේ වේවා, සතුන්ගේ වේවා, ඊජිප්තු දේශයේ හැම කුලුඳුලකුට ම පහර දෙන්නෙමි. තවද ඊජිප්තු දේශයේ සියලු දෙවි දේවතාවුනට එරෙහිව මම විනිශ්චය ක්රියා කරවන්නෙමි. ස්වාමින්වහන්සේ මම ය. ඔබ සිටින නිවෙස්හි ගෑ ලේ, ඔබ උදෙසා ලකුණක් වන්නේ ය. ඒ ලේ දකින කල, මම ඔබ පසු කර යන්නෙමි. මා ඊජිප්තු දේශයට පහර දෙන කල, කිසිදු විනාශකාරී පීඩාවක් නුඹලා වෙත ළං නො වනු ඇත.