1
දේශනාකරු 9:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ අත තබන කවර කටයුත්තක් වුව ඔබේ මුළු වීර්යයෙන් කරන්න; මන්ද ඔබට යන්නට වන ෂෙයෝලයේදී වැඩ කිරීමක් හෝ සැලසුම් කිරීමක් හෝ දැනගැන්මක් හෝ ප්‍රඥාවක් හෝ නැත.
Compare
Explore දේශනාකරු 9:10
2
දේශනාකරු 9:11
හිරු යට තවත් යමක් මා දැක ඇත: එනම්, තරඟ දිවුම, ශීඝ්‍ර ධාවකයිනට නැති වග ය; සංග්‍රාමය, ප්රබලයිනට නැති වග ය; නැණවතුනට අහරවත්, අති දක්ෂයින්ට ධනයවත්, උගතුන්ට ප්රසාදයවත් ලැබෙන්නේ නැති වග ය. එහෙත් කාලයත්, අවස්ථාවත් ඒ හැමට උදා වේ.
Explore දේශනාකරු 9:11
3
දේශනාකරු 9:9
දෙවියන්වහන්සේ හිරු යට ඔබට දී ඇති ඔබගේ මේ නිරර්ථක ජීවිතයේ සියලු දවස්වලදී, ඔව්, නිරර්ථක ඔබේ සියලු දවස්හි දී ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ සමඟ ජීවිතය භුක්ති විඳින්න; මන්ද ජීවිතයේ ඔබේ පංගු කොටස එයයි; හිරු යට ඔබේ ප්රයත්නය ද එයයි.
Explore දේශනාකරු 9:9
4
දේශනාකරු 9:7
යන්න, ප්‍රීතියෙන් යුතු ව ඔබේ ආහාර ගෙන, ප්‍රමෝද හදින් ඔබේ මිදි යුෂ පානය කරන්න; මන්ද දැනටමත් ඔබ කරන දෑ ගැන දෙවියන්වහන්සේ පැහැදී ඇත.
Explore දේශනාකරු 9:7
5
දේශනාකරු 9:18
යුද්ධ ආයුධවලට වඩා ප්‍රඥාව හොඳ ය; එහෙත් එක් පව්කරුවකු යහපත් දෑ බොහොමයක් වනසා දමයි.
Explore දේශනාකරු 9:18
6
දේශනාකරු 9:17
අඥානයින්ගේ පාලකයකුගේ බෙරිහන් දීමකට වඩා ප්‍රඥාවතුන්ගේ ශාන්ත වචනවලට වඩාත් සවන් දීම යුතු ය
Explore දේශනාකරු 9:17
7
දේශනාකරු 9:5
මන්ද දිනෙක තමන් මිය යන වග ජීවත්වන්නෝ දනිති; එහෙත් මළාහු කිසිවක් නො දනිති; තවදුරටත් විපාකයක් ඔවුනට නැත. ඔවුන් පිළිබඳ මතකය ද අමතක ව ගොසිනි.
Explore දේශනාකරු 9:5
Home
Bible
Plans
Videos