1
දේශනාකරු 7:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.
Compare
Explore දේශනාකරු 7:9
2
දේශනාකරු 7:14
සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න; විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න: එය ද මෙය ද නිම වන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි; එබැවින් තමාට පසු සිදුවන කිසිවක් මිනිසාට දැනගත නො හැකි ය.
Explore දේශනාකරු 7:14
3
දේශනාකරු 7:8
යම් දෙයක අවසානය එහි පටන් ගැන්මට වඩා හොඳ ය. ඉවසිලි ආත්මයක් ඇත්තා, අහංකාර ආත්මයක් ඇත්තාට වඩා හොඳ ය.
Explore දේශනාකරු 7:8
4
දේශනාකරු 7:20
හරි දේ ම කරන, කොහෙත් ම පව් නො කරන, ධර්මිෂ්ඨ කෙනකු මිහි පිට කොතැනකවත් නැත.
Explore දේශනාකරු 7:20
5
දේශනාකරු 7:12
ධනය, රැකවරණයක් වන්නා සේ ම ප්‍රඥාව ද රැකවරණයකි. අවබෝධයෙහි ඇති වාසිය වන්නේ: ප්‍රඥාව එය හිමි ව සිටින්නාගේ ජීවිතය ආරක්ෂා කර දීමයි.
Explore දේශනාකරු 7:12
6
දේශනාකරු 7:1
හොඳ නාමය, අනර්ඝ සුවඳ විලවුන්වලට වඩා හොඳ ය. මිය යන දවස, උපදින දවසට වඩා හොඳ ය.
Explore දේශනාකරු 7:1
7
දේශනාකරු 7:5
ප්‍රඥාවන්තයකුගේ තරවටුවට සවන් දීම, අඥානයින්ගේ ගීයක් අසනවාට වඩා හොඳ ය.
Explore දේශනාකරු 7:5
8
දේශනාකරු 7:2
උත්සව ගෙදරට යනවාට වඩා, ශෝක වන ගෙදරට යෑම හොඳ ය. මන්ද ඒක හැම කෙනකුගේ ම අවසානයයි. ජීවත්වන්නෝ එය සිතට ගත යුත්තෝ ය.
Explore දේශනාකරු 7:2
9
දේශනාකරු 7:4
ප්‍රඥාවන්තයාගේ හදවත ඇත්තේ ශෝකයේ ගෙදර ය; එහෙත් අඥානයින්ගේ හදවත ඇත්තේ විනෝදයේ ගෙදර ය.
Explore දේශනාකරු 7:4
Home
Bible
Plans
Videos