“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න,
“නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත;
නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”
මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද,
තම කන්වලින් නො අසන පිණිස ද,
තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද,
සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද,
මොවුන්ගේ හදවත් දැඩිව තිබේ.
ඔවුහු නො අසන කන් ඇතිව,
තම ඇස් පියාගෙන සිටිති’
යනුයි.