දාවිත් ඉන්පසු අබිෂයි හා තමාගේ සියලු නිලධාරීන් අමතමින්, “බලන්න! මට දාව උපන් මගේ ම පුත්රයා මගේ ජීවිතය නසන්නට සොයනවා නම්, මේ බෙන්යමිනුවා ඊට කොපමණ වැඩියෙන් නො කරයි ද? ඔහු ඔහේ උන්නාවේ; ශාප කළා වේ! එසේ කරන්නට ස්වාමින්වහන්සේ ඔහුට කියා ඇත. ස්වාමින්වහන්සේ මගේ මේ දුක දැක, අද මා ලබන මේ ශාපය වෙනුවට ඇතැම් විට මට යහපත සලසනු ඇතැ” යි පැවසී ය.