එක් සවස් වරුවක තම යහනින් පිබිදුණු දාවිත්, රජගෙදර පියස්සේ සක්මන් කරද්දී, කාන්තාවක් ස්නානය කරන අයුරු පියස්සේ සිට දිටී ය. ඒ කාන්තාව ඉතා සුරූපී තැනැත්තියකි. දාවිත් ඇය ගැන විමසන පිණිස කෙනකු යැවී ය. “මැය, බැත්ෂෙබා නො වේ ද! ඒ එලියාම්ගේ දියණියයි; හිත්තීය ඌරියාගේ බිරිඳයි” යනුවෙන් ඒ මිනිසා පැවසී ය.