1
2 කොරින්ති 9:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.
Compare
Explore 2 කොරින්ති 9:8
2
2 කොරින්ති 9:7
එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකැමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක.
Explore 2 කොරින්ති 9:7
3
2 කොරින්ති 9:6
මෙය සිහි තබා ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.
Explore 2 කොරින්ති 9:6
4
2 කොරින්ති 9:10-11
වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයන තැනැන්වහන්සේ ඔබට වපුරන්නට බීජ බහුල කරන සේක්, ඔබේ ධර්මිෂ්ඨකමේ අස්වැන්න සරු සාර කරන සේක. ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින් ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත.
Explore 2 කොරින්ති 9:10-11
5
2 කොරින්ති 9:15
වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!
Explore 2 කොරින්ති 9:15
Home
Bible
Plans
Videos