පාරට්ටු කර ගන්නට මා කැමති වෙතත් මා මෝඩයකු වන්නේ නැත. මන්ද මා පවසන්නේ සත්‍යය ය. කිසිවකු මා තුළ දකින, මගෙන් අසන දෑට වඩා වැඩියෙන් මා ගැන නො සිතන පිණිස පාරට්ටු කර ගැනීමෙන් මම වළකින්නෙමි. එම අනුපමේය එළිදරවු වීම් හේතුවෙන් මා අහංකාර නො වන පිණිස, මට වධ දීමට මගේ මාංසයට කටුවක් හෙවත් සාතන්ගේ දූතයකු දෙනු ලැබ සිටිමි. ඒ, පමණට වඩා මා අහංකාර නො වන පිණිස ය.