හොරණෑ වයන්නෝ සහ ගායනා කරන්නෝ එක හඬින් ස්වාමින්වහන්සේට ප්‍රශංසාවත්, ස්තූතියත් පුදන ලද්දේ සමගාමී ව ය. ඔවුහු හොරණෑවලට ද අත්තාලම්වලට ද වෙනත් වාදන භාණ්ඩවලට ද අනුව හඬ නගා ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරමින්:
“උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ යැ” යි
ගායනා කළහ.
එවිට ස්වාමින්වහන්සේගේ ගෘහය වලා පටලයකින් පිරී ගියේ ය. වලා පටලය නිසා පූජකයින්ට තම මෙහෙයය ඉටු කිරීම සඳහා එහි සිටින්නට නො හැකි විය. මන්ද ස්වාමින්වහන්සේගේ තේජශ්‍රීයෙන් දෙවියන්වහන්සේගේ ගෘහය පිරී ගියේ ය.