එවිට ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අහෝ ස්වාමින්වහන්ස, බලවතා හා දුබලයා අතරේ උපකාර කරන්නට ඔබ හා සමාන අන් කෙනකු තවත් නැත. අපට පිහිට වුව මැනව. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මන්ද අපි ඔබවහන්සේ තුළ විශ්වාසය තැබීමු. අති විශාල මෙම හමුදාවට එරෙහිව අප පැමිණියේ ඔබවහන්සේගේ නාමයෙනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපගේ දෙවියන්වහන්සේ ය; ඔබවහන්සේට එරෙහිව මනුෂ්‍යයාට දිනන්නට ඉඩ නුදුන මැනව” යි පැවසී ය.