දෙවියන්වහන්සේ, සාලමොන් අමතමින්, “ඔබේ හදේ තිබුණේ මෙය බැවින්, ඔබ වස්තුව, ධනය, ගෞරවය හෝ ඔබට වෛරකරන්නන්ගේ ජීවිතයවත්, අඩු වශයෙන් දීර්ඝායුවත් නො ඉල්ලා, මගේ ජනයාට රජකම් කිරීමට මා විසින් පත් කළ ඔබට, ඔවුන් ආණ්ඩු කරන පිණිස ප්රඥාවත්, දැනගැන්මත් ඉල්ලූ බැවින්, ප්රඥාවත්, දැනගැන්මත් ඔබට දෙනු ලැබේ. තවද, ඔබට කලින් සිටි කිසි රජකුට නො තිබුණ, ඔබෙන් පසුව කිසි රජකුට නො ලැබෙන අන්දමේ ධනය, වස්තුව හා ගෞරවයත් මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.