1
1 තිමෝති 3:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
අප ප්රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන් ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.
Compare
Explore 1 තිමෝති 3:16
2
1 තිමෝති 3:2
එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමිපුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය.
Explore 1 තිමෝති 3:2
3
1 තිමෝති 3:4
ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂා කර ගනිමින්, තම දරුවන් තමාට අවනත කර ගන්නා කෙනකු විය යුතු ය.
Explore 1 තිමෝති 3:4
4
1 තිමෝති 3:12-13
උපස්ථායකයා එක භාර්යාවකට ස්වාමිපුරුෂයා ව, තම දරුවන් හා තම පවුල මැනවින් හසුරුවා ගනිත්වා. උපස්ථායකයින් වශයෙන් හොඳින් සේවය කරන්නන් තමන්ට ගරු තත්වයක් ද ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලේ මහත් නිසැකකමක් ද අත්කර ගනී.
Explore 1 තිමෝති 3:12-13
Home
Bible
Plans
Videos