අෂ්දෝද් වාසීන් පසු දා උදෙන් පිබිදුණු කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. ඔවුහු දාගෝන් ගෙන, ආපසු ඔහුගේ ස්ථානයේ තැබූහ. එහෙත් පසු දා උදෑසන ඔවුන් පිබිදුණු කල මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. දාගෝන්ගේ හිස හා අත් කැඩී, වෙන් වී, එළිපත්ත මත වැටී තිබිණි. ඉතිරි ව තිබුණේ දාගෝන්ගේ කඳ කොටස පමණි.