එවිට තම ආයුධ දරන්නාට කතා කළ සාවුල්, “නුඹේ අසිපත ඇද, මා පසාරු කර ගෙන යෑමට මට අනිනු! නැතහොත් මේ චර්ම-අඡේදිතයන් අවුත්, මට ඇන, මට අවනම්බු කරනු ඇතැ” යි පැවසී ය.
එහෙත් ආයුධ දරන්නා එසේ කළේ නැත. මන්ද ඔහු අතිශයෙන් භයපත් ව සිටියේ ය. එබැවින් සාවුල් තම අසිපත ගෙන, ඒ මත වැටුණේ ය. සාවුල් මැරුණු වග දුටු ඔහුගේ ආයුධ දරන්නා ද තම අසිපත මත වැටී, ඔහු සමඟ ම මියැදුණේ ය.