“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, මම ඉශ්රායෙල්හි ඔබේ රාජකීය සිංහාසනය සදහට ම ස්ථාපිත කරන්නෙමි. එසේ කරන්නේ, ‘ඉශ්රායෙල්හි සිහසුන් පත් වන්නට ඔබට කිසි කලෙක මිනිසකු නැති නො වනු ඇතැ’ යි මා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ පරිද්දෙනි.