1
1 කොරින්ති 15:58
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිර ව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳ ව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.
Compare
Explore 1 කොරින්ති 15:58
2
1 කොරින්ති 15:57
එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් අපට ජය දෙන සේක.
Explore 1 කොරින්ති 15:57
3
1 කොරින්ති 15:33
නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”
Explore 1 කොරින්ති 15:33
4
1 කොරින්ති 15:10
එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේ ව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තට ම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්රහයයි.
Explore 1 කොරින්ති 15:10
5
1 කොරින්ති 15:55-56
“එම්බා මරණය, නුඹගේ ජය කොහේ ද? එම්බා මරණය, නුඹගේ විස දළ කොහේ ද?” මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.
Explore 1 කොරින්ති 15:55-56
6
1 කොරින්ති 15:51-52
මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු. සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟ ම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු.
Explore 1 කොරින්ති 15:51-52
7
1 කොරින්ති 15:21-22
මන්ද මිනිසකු මගින් මරණය පැමිණි සේ ම, මළවුන්ගෙන් නැගිටීම ද මිනිසකු මගින් පැමිණේ. මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති.
Explore 1 කොරින්ති 15:21-22
8
1 කොරින්ති 15:53
මන්ද දිරා ජරාවට යන මෙම සිරුර, නො දිරන භාවයෙන් ද මැරෙන සුළු මෙම සිරුර, අමරණ භාවයෙන් ද පැලඳ විය යුතු ය.
Explore 1 කොරින්ති 15:53
9
1 කොරින්ති 15:25-26
මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතු ම ය. සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි.
Explore 1 කොරින්ති 15:25-26
Home
Bible
Plans
Videos