1
1 කොරින්ති 1:27
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත්, ප්රඥාවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ අඥාන දෑ ය. බලවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ දුබල දෑ ය.
Compare
Explore 1 කොරින්ති 1:27
2
1 කොරින්ති 1:18
මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි.
Explore 1 කොරින්ති 1:18
3
1 කොරින්ති 1:25
මන්ද දෙවියන්වහන්සේගේ අඥානකම, මිනිස් ප්රඥාව ඉක්ම වූ ප්රඥාවකි; දෙවියන්වහන්සේගේ දුබලකම, මිනිස් ප්රබලකම් ඉක්ම වූ ප්රබලතාවකි.
Explore 1 කොරින්ති 1:25
4
1 කොරින්ති 1:9
ස්වකීය පුත්රයාණන් වූ යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.
Explore 1 කොරින්ති 1:9
5
1 කොරින්ති 1:10
සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟ ව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත් ව සිටින ලෙස, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක් ම ඔබෙන් ඉල්ලමි.
Explore 1 කොරින්ති 1:10
6
1 කොරින්ති 1:20
ප්රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද?
Explore 1 කොරින්ති 1:20
Home
Bible
Plans
Videos