1
එළිදරව්ව 21:4
Sinhala New Revised Version 2018
SNRV
උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”
Compare
Explore එළිදරව්ව 21:4
2
එළිදරව්ව 21:5
එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, “බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, “ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක.
Explore එළිදරව්ව 21:5
3
එළිදරව්ව 21:3
සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.
Explore එළිදරව්ව 21:3
4
එළිදරව්ව 21:6
උන් වහන්සේ මට කතා කොට, “ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගා ය. ආරම්භය සහ අවසානය ය. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලයේ බොන්නට දෙන්නෙමි.
Explore එළිදරව්ව 21:6
5
එළිදරව්ව 21:7
ජයග්රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.
Explore එළිදරව්ව 21:7
6
එළිදරව්ව 21:8
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.
Explore එළිදරව්ව 21:8
7
එළිදරව්ව 21:1
ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය.
Explore එළිදරව්ව 21:1
8
එළිදරව්ව 21:2
තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.
Explore එළිදරව්ව 21:2
9
එළිදරව්ව 21:23-24
දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත. ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය.
Explore එළිදරව්ව 21:23-24
Home
Bible
Plans
Videos