1
ගීතාවලිය 40:1-2
Sinhala New Revised Version 2018
SNRV
මම ඉවසිල්ලෙන් හිමිතුමාණන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමිතුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක. හිමිතුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.
Compare
Explore ගීතාවලිය 40:1-2
2
ගීතාවලිය 40:3
දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.
Explore ගීතාවලිය 40:3
3
ගීතාවලිය 40:4
පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.
Explore ගීතාවලිය 40:4
4
ගීතාවලිය 40:8
මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.”
Explore ගීතාවලිය 40:8
5
ගීතාවලිය 40:11
සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව. ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා.
Explore ගීතාවලිය 40:11
Home
Bible
Plans
Videos