1
ගීතාවලිය 18:2
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.
Compare
Explore ගීතාවලිය 18:2
2
ගීතාවලිය 18:30
දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.
Explore ගීතාවලිය 18:30
3
ගීතාවලිය 18:3
සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
Explore ගීතාවලිය 18:3
4
ගීතාවලිය 18:6
මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි.
Explore ගීතාවලිය 18:6
5
ගීතාවලිය 18:28
සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක; මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
Explore ගීතාවලිය 18:28
6
ගීතාවලිය 18:32
මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.
Explore ගීතාවලිය 18:32
7
ගීතාවලිය 18:46
සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්රාකාරය වන එතුමාණන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක.
Explore ගීතාවලිය 18:46
Home
Bible
Plans
Videos