1
1 තෙසලෝනික 5:16-18
Sinhala New Revised Version 2018
SNRV
නිතර ම ප්රීති වන්න, නොකඩව යාච්ඤා කරන්න, සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
Compare
Explore 1 තෙසලෝනික 5:16-18
2
1 තෙසලෝනික 5:23-24
සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා! ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.
Explore 1 තෙසලෝනික 5:23-24
3
1 තෙසලෝනික 5:15
කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.
Explore 1 තෙසලෝනික 5:15
4
1 තෙසලෝනික 5:11
එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.
Explore 1 තෙසලෝනික 5:11
5
1 තෙසලෝනික 5:14
සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.
Explore 1 තෙසලෝනික 5:14
6
1 තෙසලෝනික 5:9
දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය.
Explore 1 තෙසලෝනික 5:9
7
1 තෙසලෝනික 5:5
ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු.
Explore 1 තෙසලෝනික 5:5
Home
Bible
Plans
Videos