1
ලෙවී ව්‍යවස්ථාව 26:12
Sinhala New Revised Version
NRSV
මම නුඹලා අතර වාසය කොට, නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහු ය.
Compare
Explore ලෙවී ව්‍යවස්ථාව 26:12
2
ලෙවී ව්‍යවස්ථාව 26:4
මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:4
3
ලෙවී ව්‍යවස්ථාව 26:3
“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්
Explore ලෙවී ව්‍යවස්ථාව 26:3
4
ලෙවී ව්‍යවස්ථාව 26:6
“නුඹලාගේ දේශයෙහි මම නුඹලාට සාමය දෙන්නෙමි. නුඹලා ද කිසි බියක් සැකක් නැති ව සැතපෙනු ඇත. රටින් චණ්ඩ මෘගයන් පන්නාදමමි. නුඹලාගේ දේශයෙහි යුද්ධයක් ද සිදු නොවනු ඇත.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:6
5
ලෙවී ව්‍යවස්ථාව 26:9
මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:9
6
ලෙවී ව්‍යවස්ථාව 26:13
නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.”
Explore ලෙවී ව්‍යවස්ථාව 26:13
7
ලෙවී ව්‍යවස්ථාව 26:11
මම ද මාගේ මණ්ඩපය නුඹලා අතර පිහිටුවමි. මම නුඹලා ඉවත නොලන්නෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:11
8
ලෙවී ව්‍යවස්ථාව 26:1
“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:1
9
ලෙවී ව්‍යවස්ථාව 26:10
නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:10
10
ලෙවී ව්‍යවස්ථාව 26:8
නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:8
11
ලෙවී ව්‍යවස්ථාව 26:5
කමතේ ගොයම් පෑගීම මිදි පල නෙළන කාලය දක්වා ද මිදි පල නෙළන කාලය ධාන්‍ය වපුරන කාලය දක්වා ද දික්වනු ඇත. නුඹලාට කෑමට උවමනා තරම් ආහාර ලැබෙනු ඇත. නුඹලා ද සුරැකි ව නුඹලාගේ දේශයෙහි වසන්නහු ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:5
12
ලෙවී ව්‍යවස්ථාව 26:7
නුඹලා ද සතුරන් පන්නාදමන්නහු ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:7
13
ලෙවී ව්‍යවස්ථාව 26:2
මාගේ සබත් දිනයන් පවත්වා මාගේ ශුද්ධස්ථානයට ගරු කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
Explore ලෙවී ව්‍යවස්ථාව 26:2
Home
Bible
Plans
Videos