1
ධර්මදේශකයා 5:2
Sinhala New Revised Version
NRSV
කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්න; දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉක්මන්කාරකමින් බාරහාර නොවන්න. මන්ද, දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ය. ඔබ පොළොවෙහි ය. ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේ වා!
Compare
Explore ධර්මදේශකයා 5:2
2
ධර්මදේශකයා 5:19
තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි.
Explore ධර්මදේශකයා 5:19
3
ධර්මදේශකයා 5:10
ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.
Explore ධර්මදේශකයා 5:10
4
ධර්මදේශකයා 5:1
ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති.
Explore ධර්මදේශකයා 5:1
5
ධර්මදේශකයා 5:4
ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත.
Explore ධර්මදේශකයා 5:4
6
ධර්මදේශකයා 5:5
ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය.
Explore ධර්මදේශකයා 5:5
7
ධර්මදේශකයා 5:12
කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.
Explore ධර්මදේශකයා 5:12
8
ධර්මදේශකයා 5:15
ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත.
Explore ධර්මදේශකයා 5:15
Home
Bible
Plans
Videos