1
ධර්මදේශකයා 4:9-10
Sinhala New Revised Version
NRSV
එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්රතිඵල ලබාගනු ඇත. ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!
Compare
Explore ධර්මදේශකයා 4:9-10
2
ධර්මදේශකයා 4:12
තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.
Explore ධර්මදේශකයා 4:12
3
ධර්මදේශකයා 4:11
තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද?
Explore ධර්මදේශකයා 4:11
4
ධර්මදේශකයා 4:6
එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.
Explore ධර්මදේශකයා 4:6
5
ධර්මදේශකයා 4:4
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
Explore ධර්මදේශකයා 4:4
6
ධර්මදේශකයා 4:13
අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.
Explore ධර්මදේශකයා 4:13
Home
Bible
Plans
Videos