1
රෝම 3:23-24
Sinhala Revised Old Version
SROV
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
Compare
Explore රෝම 3:23-24
2
රෝම 3:22
එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත
Explore රෝම 3:22
3
රෝම 3:25-26
ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය. එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.
Explore රෝම 3:25-26
4
රෝම 3:20
කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.
Explore රෝම 3:20
5
රෝම 3:10-12
ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත; තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත; ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත.
Explore රෝම 3:10-12
6
රෝම 3:28
එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේයයි අපි ගණන්ගනිමුව.
Explore රෝම 3:28
7
රෝම 3:4
එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.
Explore රෝම 3:4
Home
Bible
Plans
Videos