ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි. මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.