1
උත්පත්ති 50:20
Sinhala Revised Old Version
නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
Compare
Explore උත්පත්ති 50:20
2
උත්පත්ති 50:19
යෝසෙප්: භයනොවෙන්න. මම දෙවියන්වහන්සේ වෙනුවට සිටිම්ද?
Explore උත්පත්ති 50:19
3
උත්පත්ති 50:21
එබැවින් භය නොවන්න. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
Explore උත්පත්ති 50:21
4
උත්පත්ති 50:17
නුඹලා යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය.
Explore උත්පත්ති 50:17
5
උත්පත්ති 50:24
යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.
Explore උත්පත්ති 50:24
6
උත්පත්ති 50:25
තවද යෝසෙප් ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලා වදාරනවා ඇත, එවිට නුඹලා මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.
Explore උත්පත්ති 50:25
7
උත්පත්ති 50:26
යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.
Explore උත්පත්ති 50:26
YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy
Home
Bible
Plans
Videos