බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි. එබැවින් දැන් මිනිසුන් යවා කෙතෙහි සිටින නුඹේ සිව්පාවුන්ද නුඹ සන්තක සියල්ලද ඉක්මනින් ගෙන්වාගන්න; මක්නිසාද ගෙට ගෙන්වා නොගෙන කෙතෙහි සිටින්නාවූ සියලු මිනිසුන් සහ මෘගයන් පිට ගල් වර්ෂාව වසින්නේය, ඔව්හු මියයන්නෝයයි ඔහුට කියවයි කීසේක.